කුකුළු ගොවිපළක් පවත්වාගෙන යාම සඳහා බලපත්‍රයක් නිකුත් කිරීමට රුපියල් 15,000ක අල්ලසක් ලබාගැනීමට තැත්කළ යටියන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති වසන්ත කුමාර මහතා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ බලපත්‍රය ලබාදීම සඳහා රුපියල් 30,000.00ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති අතර ඉන් රුපියල් 15,000.00ක මුදලක් ලබාගන්නා අවස්ථාවේ දී ප්‍රාදේශීය සභා සභාපතිවරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පැවසුවේය.
මූලික විමර්ශනවලින් අනතුරුව සභාපතිවරයා අධිකරණයට ඉදිරිපත් කරන බව එම කොමිසම කීවේය.
මූලික විමර්ශනවලින් අනතුරුව සභාපතිවරයා අධිකරණයට ඉදිරිපත් කරන බව එම කොමිසම කීවේය.
Post a Comment