Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

සංජීව බණ්ඩාර 26 තෙක් යළි රිමාන්ඩ් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර ලබන 26 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. 

ඔහු අද(12) ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම නියෝගය ලබාදුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය. 

පොලිස් අණ නොතකා විරෝධතා පා ගමනක් සංවිධානය කිරීම හේතුවෙන් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරක ලදි. 

සංජීව බණ්ඩාර විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු නොවන බව අදාළ නඩුව අද කැඳවු අවස්ථාවේ මිරිහාන පොලීසිය අධිකරණය හමුවේ සඳහන් කළේය. මේ පිළිබඳව රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා විසින් ලිඛිතව දැනුම් දී ඇති බව ද පොලීසිය අධිකරණයට දැනුම් දෙන ලදි. 

මේ හේතුවෙන් එම විශ්ව විද්‍යාලවල සිසුන් සහභාගී කරගෙන නීති විරෝධී ලෙස විරෝධතා පාගමනක් සංවිධානය කිරීමට ඔහුට කිසිදු අයිතියක් නොමැති බව මිරිහාන පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත. 

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword