
අගවිනිසුරු මොහාන් පීරිස්, ප්‍රියසාද් ඩෙප් සහ රෝහිණි මාරසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් යුත් විනිසුරුමඩුල්ලක් හමුවේ පෙත්සම විභාගයට ගැණුනු බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
අදාළ නිවාස කඩා එහි අලුතින් නිවාස තැනීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බවට එම ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙත දැනුම් දී ඇත්තේ හමුදා නිලධාරීන් විසින් බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජෙ.සී.වැලිඅමුණ මහතා අධිකරණයට දැනුම් දුන්නේය. ඒ පිළිබඳ නාගරික සංවර්ධන අධිකාරියෙන් ලිඛිත දැනුම්දීමක් සිදුකළ යුතුව තිබුණ ද එවන් දැනුම් දීමක් ඔවුන් වෙත සිදුකර නොමැති බව නීතීඥවරයා සඳහන් කළේය.
අධිකාරිය මෙම නිවාස කඩා දමා එහි අලුත් නිවාස සැදීමේ අරමුණින් ව්‍යාපෘතිය ආරම්භ කළ බව නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් ජයරත්න මහතා එහිදි පැවසුවේය.
එම ව්‍යාපෘතියේ දී ඔවුන් තාවකාලිකව කුලී නිවාසවල පදිංචිවීමට මසකට එක් පවුලකට රුපියල් දස දහසක මුදලක් සහ ඊට අකමැති පුද්ගලයින්ට නාගරික සංවර්ධන අධිකාරිය මගින් සපයනු ලබන ඉඩමක නිවසක් තනා ගැනීමට රුපියල් 75,000ක මුදලක් ලබාදෙන බව ද ඔහු සඳහන් කළේය.
නිවාස තැනීමෙන් පසු නැවත එම නිවාස වල අදාළ පුද්ගලයන් පදිංචි කරන දිනයක් නිශ්චිතව දැනුම් දෙන තෙක් මෙම නිවාස කඩා දැමීම නොකළ යුතු බව කරුණු සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ල නාගරික සංවර්ධන අධිකාරියට දැනුම් දුන්නේය.
Post a Comment