Jul
31

ඇමති මර්වින් සිල්වාගේ පුතු මාලකට රටේ ප්‍රධාන නගරයකදී ඊයේ දහවල් සිදුවූ පහරදීම දෙස බැලීමේදී පෙනී යන්නේ සාමාන්‍ය ජනතාවට සිදුවන පහරදීම් ගැන කවර කතාද යන්න බව හෙතෙම පෙන්වාදෙයි.
කොළඹදී අද (30) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
මේ අතර පවත්නා මුදල් හිඟය හේතුවෙන් මහජන බැංකුවත්, ලංකා බැංකුවත් උග්‍ර මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති බවද රජය විවිධ අවශ්‍යතා සඳහා එම බැංකුවලින් මුදල් ලබා ගැනීම නිසා එම බැංකු කඩා වැටෙන තත්ත්වයකට පත්ව ඇතැයිද ඔහු පෙන්වාදුන්නේය.
එසේම භාණ්ඩාගාර ලේකම්වරයා විසින් වියදම් අඩු කරන ලෙසට රාජ්‍ය ආයතනවලට චක්‍රලේඛකයින් දැනුම් දී ඇති බවත් ඉන් පීඩාවට පත්වන්නේ ඒවායෙන් සුබසාධන ලබන සේවකයින් මිසක් ආණ්ඩුවේ ලොක්කන් නොවන බවත් හෙතෙම කීවේය.
ජනතාවට වැඩි සේවාවක් සපයන ඇමති මෛත්‍රිපාලගේ සෞඛ්‍ය අමාත්‍යංශයට වෙන් කළ ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 5000ක් කප්පාදු කර ඇති නමුත් දැයට කිරුළ වැනි සෝභන වැඩ සඳහා වැය කරන ශතයක්වත් කප්පාදු නොකරන බව තිස්ස අත්තනායක මහතා පෙන්වාදුන්නේය.
චීනයෙන් ණය ගනිමින් රටේ ප්‍රශ්න නොවිසඳා තමාගේ බූදලයක් මෙන් උගන්ඩාවටත් මූල්‍ය ආධාර දුන් බවද මේවන විට මෙරට එක් පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 3ට වඩා ණය කරුවෙකු වී ඇති බවද ඔහු කීවේය.
මේ අතර පළාත් සභා මැතිවරණය සඳහා නාම යෝජනා සැකසීමේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බවත් කුරුණෑගල දිස්ත්‍රීක්කයට නාම යෝජනා දුන් බවත් මැතිවරණ කටයුතු සඳහා මෙහෙයුම් මණ්ඩලයක් පත්කර ඇති බවත් අත්තනායක මහතා පැවසීය.
එම මාධ්‍ය හමුවට සහභාගි වූ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කීවේ මුස්ලිම් ජනතාව වත්මන් ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන බවයි.
මෙරට පාලනය කළ පෘතෘගීසි ජාතිකයින්ට පසු මුස්ලිම් ජනතාව වඩාත් පීඩාවට පත්ව සිටින්නේ මහින්ද රාජපක්ෂ පාලනය නිසා බවද ඔහු කීවේය.
ඇතැම් ප්‍රදේශවල මුස්ලිම් ජනතාවගේ වාසස්ථාන පවා ආණ්ඩුව විසින් නැති කරමින් යන බවත් මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මැතිවරණයක් පැමිණි විට තනිව තරග කර මුස්ලිම් ජනයාගේ ඡන්ද ටික සාක්කුවේ දමාගෙන යළි ආණ්ඩුවට එක්වන බවද ඔහු පෙන්වාදුන්නේය.
මෙවර නෝම්බි උත්සවය කොළඹ ජනාධිපති මැදුරේදී නොපවත්වා මහනුවරදී පැවැත්වීම එම දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාවගේ ඡන්දය කොල්ල කෑමක් බවද රහුමාන් මහතා වැඩිදුරටත් කීවේය.
Post a Comment