සහනාධාර පොහොර කප්පාදුවට එරෙහිව ගොවීන් පිරිසක් පොළොන්නරුව - සෝමාවතිය මාර්ගයේ සේවාගම ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදිරිපිට අද (01) පෙරවරුවේ විරෝධතාවයක නිරත වූහ. ගොවිජන සේවා මධ්‍යස්ථානයට පොහොර මිටි 200ක් ලැබී ඇති බවත් ඒවා රු.500.00ට බැරි නම් රු.1200.00වත් දෙන්නැයි ඉල්ලා ඔවුහූ විරෝධතා දැක්වූහ. පොහොර නොලැබීම නිසා මේවන විට වී වගාව අවපැහැ ගැන්වී ඇති බව කියමින් පරාක්‍රම සමුද්‍රය ගොවිජනපද ව්‍යාපාරය යටතේ වගා කටයුතු සිදුකරන ගොවීන් පිරිසක් එසේ විරෝධතා දැක්වූ අතර මේ නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට ද බාධා එල්ල විණ.

Post a Comment