Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

මං වැරදිනම් ඉවත් නොකරන්නේ ඇයි?මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් තමන් ගනු ලබන ක්‍රියාමාර්ග වැරදි නම් ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු නොකරන්නේ මන්දැයි ආචාර්ය පී.බි.ජයසුන්දර මහතා විමසයි. 

අමාත්‍යවරයෙකු අස්කිරීමට කටයුතු කිරීමේදී ගැටලු ඇතිවිය හැකි වුවත් රාජ්‍ය නිලධාරියෙකු අස්කිරීමේදී එවැනි ගැටලුවක් උද්ගත නොවන බව මුදල් අමාත්‍යංශ ලේකම්, ආචාර්ය පී.බී ජයසුන්දර මහතා පෙන්වාදෙයි. 

නිලධාරීන් සෑම විටම කටයුතු කරනු ලබන්නේ ආණ්ඩුව යටතේ වන බැවින් , නිලධාරීන්ට හිතුමනාපෙට තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් නොපවතින බවත් , එසේ කරනු ලැබීමට ඉඩ ප්‍රස්ථාව සැලසී ඇත්නම් එය ආණ්ඩුවේ වරදක් බවත් හෙතෙම සඳහන් කරයි. ටී.වි.දෙරණ ඔස්සේ විකාශය වු 360 දේශපාලන වැඩසටහනට එක්වෙමින් විධායක වාර්තාකාරිණී ඩිල්කා සමන්මලී මහත්මිය විසින් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් පි.බි.ජයසුන්දර මහතා කියා සිටියේ රජයේ අමාත්‍යවරුන් විධිමත්ව ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීම තම වගකීම බවයි. 

මෙතෙක් කාලයක් තීන්දු තීරණ සියල්ල ගනු ලැබු ආකාරයටම රටේ ආර්ථික සංවර්ධන කාරණාවලදී තමන් කටයුතු කළ බවත් , නිවරදි තීරණවලදී පමණක් අමාත්‍යවරුන් එකී වගකීම රැගෙන වැරදීම් වලදී පමණක් නිලධා‍රීන්ට වගකීම පටවා නිහඬවන තත්ත්වයක් දකින්නට ලැබෙන බව හෙතෙම සිහිපත් කළේය. 

මීට පෙරාතුව ආන්දෝලනයට තුඩු දුන් පුද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් පනත ගෙන ඒමේදී ඒ පිළිබඳ අදාළ අමාත්‍යංශය දැනුවත් නොකළ බවට එල්ලවන චෝදනා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මෙහිදී ප්‍රතික්ෂේප කළේය. 

ප්‍රථමයෙන් ඒ පිළිබඳ රැස්වීමක් පවත්වා දැනුවත් කළ බවත් , අනතුරුව එය අයවැය යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීද ඒ පිළිබඳ අවස්ථා කිහිපයකදී සාකච්ඡා ඇති වූ බවත් , ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එකී අතැම් සාකච්ඡා පැවැත්වුණු බවත් ඔහු සිහිපත් කළේය. 

පුද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් පනත යටපත් වූයේ ඒ වෙනුවෙන් දේශපාලන නායකත්වය ගැනීමට වගකිව යුතු උදවිය ඒකරාශී නොවීම නිසා බවත්, කෙදිනක හෝ එකී පනත ක්‍රියාත්මක විය යුතු බව තමන් විශ්වාස කරන බවත් ජයසුන්දර මහතා අවධාරණය කළේය. 

වාහන ගෙන්වීමේ බදු මුදල් වරෙක අඩු කොට ඉතා කෙටි කලක් තුළ යළි වැඩිකිරීම තුළින් ඉතා සුළු පිරිසකගේ වාසිය හා පුද්ගලික වරප්‍රසාද සලකා කටයුතු කළ බවට මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට එල්ලවන චෝදනා ඔහු ප්‍රතික්ෂේප කළේය. 

එය අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයා ප්‍රමුඛ බලධාරීන් සමග සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ගනු ලැබූ ක්‍රියා මාර්ගයක් බවත්, තමන් කිසිම වරප්‍රසාදයකට වහල්වුණු පුද්ගලයෙකු නොවන බවත් ඔහු කියා සිටියේය. 

2011 වසරේ වාහන ලක්ෂ 5 ක් පමණ රටට ගෙන්වා ඇති බවත් , එසේ වුවද ඉකුත් වසර වන විට එය බොහෝ සෙයින් අඩුවී ඇති බවත් අමාත්‍යංශ ලේකම්වරයා පෙන්වා දුන්නේය.

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword