Apr
07

එඩ්වඩ් ජූලියට් නමැති පුනරුත්ථාපනය නොවූ කොටි සාමාජිකයාගේ චාවාකච්ච්ෙරි මරවන්ලෝබු ප්‍රදේශයේ පිහිටි නිවසින් මෙම සැකකටයුතු දේවල් හමුවී තිබුණි.මෙම කොටි සාමාජිකයා කොටි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ සමීපතමයකු බවටද අනාවරණයවී තිබේ.
මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් ක්ලේමෝ බෝම්බ 04 ක් මිලිමීටර් නවයේ වෙඩි උණ්ඩ 100 ක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක් මෙහිදී හමුවී තිබුණා.
මෙම සැකකරුගේ බැංකු ගිණුමට විදෙස් රටවල සිටින කොටි හිතවාදීන් මෙන්ම කොටි සාමාජිකයන් මුදල් එවා ඇති බවද මොහුගේ දුරකථන ඇමතුම් පිළිබඳ කරන ලද විමර්ශනවලදී මන්නාරම, ත්‍රිකුණාමලය ඇතුළු ප්‍රදේශවල සිටින කොටි සාමාජිකයන් හා සමීප සබඳතා පවත්වා ඇති බවද අනාවරණය කරගෙන තිබේ.