Aug
31

වගකිව යුතු බලධාරීන් කිසිවෙකුත් එම ස්ථානයට නොපැමිණි බවද උන්වහන්සේ පැවසීය.
මේ අතර එම ස්ථානයට ඊයේ සවස රැස් වූ ගම්වැසියන්ද මේවන විටත් විරෝධතාවේ නිරතව සිටින බව අප වාර්තාකරු පවසයි.
කර්මාන්ත ශාලාවේ කටයුතු නැවත ආරම්භ කිරීමට විරෝධය පළ කිරීම ප්‍රදේශවාසීන්ගේ අරමුණ බව අප වාර්තාකරු පැවසීය.
ඊයේ පස්වරුවේ සිට ආරක්ෂාව සඳහා පොලීසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය ද යොදා ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.
මේ හේතුවෙන් කර්මාන්ත ශාලාව තුළ සේවය කරමින් සිටි පිරිසට ඉන් පිටතට පැමිණීමට නොහැකි තත්ත්වයක් පවතින බව සඳහන්ය.
කර්මාන්ත ශාලාවෙන් පිටතට යාමට නොහැකිව සේවකයින් 300ට අධික පිරිසක් සිරවී සිටින බව එහි සේවකයින් පවසයි.
කාන්තාවන් ද ඒ අතර වන බව පැවසෙයි.
Post a Comment